“බුර්කාව නිසා රට තුළ අසමගියක්”-චන්දිමගෙන් චෝදනාවක්

“බුර්කාව නිසා රට තුළ අසමගියක්”-චන්දිමගෙන් චෝදනාවක්

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ජාතින් අතර අසමගියක් ඇතිවෙන ආකාරයෙන් වර්තමාන ආණ්ඩුව කටයුතු  කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.ඒ ගාල්ලේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් වේ.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රජය විසින් කාලෙන් කාලෙට විවිධ බලාපොරොත්තු ලබා දී ජනතාව රැවටීමට ලක් කරන බවත් හදිසි නීතිය තහනම් කිරීමත් සමඟ බුර්කාව නීත්‍යානුකූලද යන ගැටලුව පැනනගින බවයි.නැවත ජනතාව අතර අසමඟියක් ගොඩනඟා රට තුළ යළි ත්‍රස්තවාදයට පණ පොවන තත්ත්වයට වත්මන් රජය පත්ව ඇති බවත් නීතියක් සම්මත කර ගැනීමට නොහැකිව ජාතීන් අතර කුලල් කා ගැනීමක් ඇති කිරීම දක්නට ලැබෙන බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කලා

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!