” බුද්ධි අංශ අනතුරේ – ඉර හඳ වාගේ විශ්වාසයි ” රටම කැළඹෙන රතන හිමිගේ හෙළිදරව්ව

” බුද්ධි අංශ අනතුරේ – ඉර හඳ වාගේ විශ්වාසයි ” රටම කැළඹෙන රතන හිමිගේ හෙළිදරව්ව

Spread the love
  •  
  •  
  •  
  •  

ජාතික පුස්තකාලයේ අද (07) පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ පළමු මාධ්‍ය හමුවට එක් වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ වර්තමානයේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් තුළින් රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති අතර එවැනි තත්ත්වයක් ඇත්නම් ඒකාබද්ධ පරීක්ෂණ මණ්ඩලයක් තුළින් විමර්ශන කටයුතු සිදු කළ යුතු බවයි. තව දුරත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ අද වන විට කමාන්ඩ සුමිත් රණසිංහ මහතා සම්බන්ධයෙන් මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් රට තුළ පත්ව ඇති බවත් රටේ ජනාධිපතිවරයාගෙත් අගමැතිවරයාගෙත් අනුදැනුමකින් තොරව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසු රතන හිමියන් තව දුරටත් කියා සිටියේ මෙය රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් පෙනී සිටින කිහිප දෙනෙකුගේ අවශතාවය මත සිදුවන්නක් බවයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!