“බීෆ්” කන්න හරක් මඩුවකට පැන්න කිඹුල්ලු දෙන්නාට වූ දේ…..

“බීෆ්” කන්න හරක් මඩුවකට පැන්න කිඹුල්ලු දෙන්නාට වූ දේ…..

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

මුලතිව්හි කේපාපිලව් ප්‍රදේශයේ පිහිටි යුද මුදා කඳවුර ආසන්නයේ ගව පටිටියකට පැමිණි විශාල කිඹුලෙකු සහ තවත් කිඹුලෙකු අල්ලාගත් බවට මුලතිව් යුද හමුදා නිලධාරීන් පැවසූහ.
කේපාපිලව්හි පිහිටි ගව පට්ටියක් ආසන්නයේ සිටි ගවයින් දෙදෙනෙකු පිටුපස මෙම කිඹුලන් දෙදෙනා පන්නාගෙන පැමිණ ඇති අතර පසුව ඒ බව ප්‍රදේශවාසීන් විසින් යුද හමුදාවටද දැනුම් දී අදාල කිඹුලන් දෙදෙනා අල්ලා ඇත.
එක් කිඹුලෙකු දිගින් අඩි 12.5 ක් හා අනෙක් කිඹුලා අඩි 9ක පමණ දිගින් යුක්ත වෙයි.
අනතුරුව ඒ බව යුද හමුදාව විසින් මුලතිව් වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි වනජීවි නිලධාරීන් විසින් අදාල කිඹුලන් දෙදෙනා අල්ලා මුලතිව් වවුනිකුලම් ජලපෝෂක ප්‍රදේශයකට රැගෙන ගොස් මුදා හැරීමට පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!