බීමත් තරුණියෝ අඩ නිරුවතින් හැම තරුණයෙක් එක්කම පෙම්වතුන් සේ හැසිරිලා” බුකියෙන් සෙට් වෙච්ච තරුණ තරුණියෝ දාපු අමුතු පාටිය.

බීමත් තරුණියෝ අඩ නිරුවතින් හැම තරුණයෙක් එක්කම පෙම්වතුන් සේ හැසිරිලා” බුකියෙන් සෙට් වෙච්ච තරුණ තරුණියෝ දාපු අමුතු පාටිය.

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය ඔස්සේ සංවිධානය වී පැවතුනු මත්පැන් සාදයක් පිළිබදව වාර්තා වේ. සාදය පැවැතියේ මීටියාගොඩ, ගොඩගම ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකය. පසුගිය 22 වැනිදා පැවැති සාදයට ෆේස්‌බුක්‌ හරහා හඳුනාගත් තරුණ, තරුණියන් දෙසීයක්‌ පමණ සහභාගි වෙමින් සිටියහ. මෙරට විවිධ ප්‍රදේශවල තරුණ, තරුණියන් සාදයට සහභාගි වෙමින් සිටි අතර, අනුරාධපුර, කොළඹ රත්නපුර සහ කුරුණෑගල ප්‍රදේශවලින් පවා මේ සදහා තරුණ තරුණියන් සහභාගී වී සිට තිබේ.. සාදයට පැමිණ සිටි සියලුම තරුණ, තරුණියන් අවුරුදු විස්‌සත්, හතළිහත් අතර වයස්‌වල පසු වන්නන් වූහ. එමෙන්ම සාදයට පැමිණ සිටි සියලුම සමාජිකයන් කාලයක සිට දැන, හදුනන පුද්ගලයන් සේ කතා බහා කිරීම ද එහි තිබූ විශේෂත්වයකි.
උදෑසන ආරම්භ වූ සාදය වේග රිද්ම සංගීතය මැද සතුටු සාගරයක්‌ සේ ගලා ගියේය.තරුණියන් අඩ නිරුවතින් මුල්ම වරට හමුවූ තරුණයන්ද සිප වැළද ගති. ඒ අතර විවිධ වර්ගයේ මත්පැන් බෝතල්ය. ඒ අතර ඉස්‌තරම්ම වර්ගයේ මත්පැන් බෝතල් ද නොතිබුණා නොවේ. නැටුම්, ගැයුම් අතරේ තරුණයන් සමඟ හරි, හරියට තරුණියෝ ද මත්පැන් බොති. ඒ තරුණියන්ට සාදයේ සිටි සියලුම තරුණයන් පෙම්වතුන්ය. මොහොතක්‌ එකෙකුට තුරුළු වී සිටින තරුණිය මොහොතකින් වෙනත් තරුණයකුගේ උකුළෙහි සිට මත්පැන් බොන්නීය. සිගරට්‌ උරන්නීය.
මත්පැන්වලින් බත් වූ සාදයට ගංජා, මත් පෙති ඕනෑවටත් වඩා තිබිණි. අවශ්‍ය කෙනෙකුට මත් පෙති, ගංජා ගෙනත් දීමට සංවිධාන කමිටුව වෙනම තරුණයන් ද යොදවා තිබිණි. උත්සව ශාලාව පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය නොතිබුණු අතර, ඒ ආසන්නයේ රහසිගතව සඟවා තිබුණු බවට සැක නැත. මත් පෙති හෝ ගංජා අවශ්‍ය තරුණයන් සංවිධාන කමිටුවේ සාමාජිකයකුට කියූ විට පැය භාගයක්‌ ඇතුළතදී එකී තරුණයාගේ අතට මත්ද්‍රව්‍ය ගුලි කිරීමට සංවිධාන කමිටුව යුහුසුළු විය. එහෙත් ෆේස්‌බුක්‌ සාදයට වෙස්‌ වළාගත් පොලිස්‌ නිලධාරීන් පැමිණ සිටින බව සංවිධාන කමිටුවට මොහොතකට හෝ නොසිතුණි.
වෙස්‌ වළාගත් ෆේස්‌බුක්‌ හිතවතුන් ලෙස සාදය පැවැති හෝටලයට පැමිණි පොලිස් නිළධාරීන් සාදයේ උච්චතම අවස්‌ථාවේදී එයට වටලා තිබේ.
හෝටලයේ හිමිකරු ඇතුළුව සාදයට පැමිණ සිටි දෙසිය අටදෙනෙකු පොලිස්‌ අත්අඩංගුවට පත් වූහ. ඔවුන් අතරින් තිස්‌නවදෙනකු කාන්තාවන්ය. මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින තරුණයන් එකොළොස්‌ දෙනෙකි. ගංජා කැට, හසීස්‌, මත් පෙති, මත්ද්‍රව්‍ය අඩංගු කර නිෂ්පාදනය කරන ලද ලොලිපොප් ඇතුළුව දිවේ තියාගන්නා මුද්දර නමැති මත්ද්‍රව්‍ය ද තරුණයන් සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

(Visited 75 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!