” බි‍්‍රතාන්‍ය තීරණය  සමඟ ගෝලීය ආර්ථික අවපාතයක් නිර්මාණය විය හැකියි” – මහ බැංකුව

” බි‍්‍රතාන්‍ය තීරණය සමඟ ගෝලීය ආර්ථික අවපාතයක් නිර්මාණය විය හැකියි” – මහ බැංකුව

Spread the love
  •  
  •  
  •  
  •  

මහ බැංකුව විසින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බි‍්‍රතාන්‍ය ගත් තීරණයත් සමග ශ‍්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග ඇතුළත් කි‍්‍රයාකාරී සැලැස්මක් රජයට භාර දී තිබෙනවා.
බි‍්‍රතාන්‍යයේ මෙම තීරණයත් සමග මෙරට මත්ස්‍ය අපනයන කටයුතුවලට හා ජී.එස්.පී ප්ලස් තීරුබදු සහන යළි ලබාගැනීම ආදී කටයුතුවලට යම් යම් බාධා එල්ල විය හැකි බවයි එහි සඳහන් වෙන්නේ.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය සකස් කර තිබේ.
බි‍්‍රතාන්‍ය හරහා ශ‍්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර පවතින සබඳතාවලටද මෙම තීරණයෙන් බලපෑම් එල්ල විය හැකියි. සංචාරක කටයුතු හා ආයෝජන කටයුතුවලටද මේ හරහා බලපෑමක් එල්ල විය හැකි බවයි මහ බැංකුව සකස් කළ මෙම සැලැස්මේ දැක්වෙන්නේ.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයත් සඟ සමඟ ගෝලීය ආර්ථික අවපාතයක් නිර්මාණය විය හැකි බවයි. මෙම ක‍්‍රියාකාරී සැලැස්ම මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමටද ඉදිරිපත් කිරීමටද නියමිතයි.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!