බිංගිරියේ මවක් දරු තිදෙනාට වස පොවා ඇයද වස පානය කර රෝහලේ

Spread the love
  •  
  •  
  •  
  •  

බිංගිරිය ප‍්‍රදේශයේ මවක් සිය දරුවන් තුන් දෙනාටද වස පොවා තමන්ද වස පානය කර තිබෙනවා. කෙසේවෙතත් ඔවුන් මෙලෙස වස පානය කිරීමට හේතුව තමත් තහවුරු වී නොමැති බවයි පොලිස් ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ.
”  බිංගිරිය ප‍්‍රදේශයේ වයස අවුරුදු 27 ක් වූ මවක් තම දරුවන් තිදෙනාට වස පොවා ඝාතනය කිරීමට තැත් කර ඇයද සියදිවිනසා ගැනීමට ඇති බවට වාර්තා වනවා.. මේ හතරදෙනාම හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා.. දරුවන්ගේ තත්වය බරපතල නොවන බවටයි වාර්තා වෙන්නේ.. මේ දරුවන් වයස අවුරුදු එක හමාරේ සිට හය දක්වා අතරේ පසුවන අය බවටයි වර්තාවෙන්නේ..  ”
මෙම දරුවන්ගේ පියා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොලැබුණු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. වැඩිදුර විමර්ශන සිදුකරන්නේ බිංගිරිය පොලීසිය විසින්.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!