“බෑ දෙක පිහලා රෙදි කැටිකරලා…  උඩ හිලෙ යට උල වද්දන්නේ…” – සිරිසේන කී අලුත්ම කවිය (VIDEO)

“බෑ දෙක පිහලා රෙදි කැටිකරලා… උඩ හිලෙ යට උල වද්දන්නේ…” – සිරිසේන කී අලුත්ම කවිය (VIDEO)

Spread the love
  • 37
  •  
  •  
  •  
    37
    Shares


වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇළ ව්‍යාපෘතිය දෙවැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ විය.
ඒ අනුව වයඹ පළාත් ඇළ ව්‍යාපෘති කාර්යාලය ජනාධිපතිවරයා විසින් අද දිනයේ විවෘත කරන ලදි.
මෙම ව්‍යාපෘතිය 2024 දීම අවසන් වීමට නියමිත අතර මිලියන 16,000ක් ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇත.
එම සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටි කවි තේරවිල්ල සැමගේ අවධානය ගත් අතර එහි සිටි එක් පුද්ගලයෙක් එම තේරවිල්ල සඳහා පිළිතුර වේදිකාවට පැමිණ ලබා දුන්නේය.
ජනාධිපතිවරයා විසින් එහිදී විමසනු ලැබූ තේරවිලි කවිය මෙසේය.

රෑ කල බලලා හරිබරි ගැහිලා කුප්පි එලියටයි පැදුර එලන්නේ
පැදුර එලාලා රෙදි කැටි කරලා උඩ හිලෙ යට උල වද්දන්නේ
නෑ හැක ටික ටික හිලට එබූ කල දෙබෑව අතරින් පිටි එන්නේ
මේ ටික තෝරා දුන්නොත් නෑනෝ නුඹයි පැලට මං වඩමන්නේ

(Visited 106 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!