බැඳුම්කර වෙන්දේසියක් අතරතුර මහබැංකු අධිපතිවරයෙකු එම දෙපාර්තමේන්තුවට පැමිණෙනු දුටු පළමු අවස්ථාව මෙයයි .කොමිසම හමුවේ සාක්ෂියක්

බැඳුම්කර වෙන්දේසියක් අතරතුර මහබැංකු අධිපතිවරයෙකු එම දෙපාර්තමේන්තුවට පැමිණෙනු දුටු පළමු අවස්ථාව මෙයයි .කොමිසම හමුවේ සාක්ෂියක්

Spread the love
  •  
  •  
  •  
  •  

එමෙන්ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සේවය කරන කාල සීමාව තුළ බැඳුම්කර වෙන්දේසියක් අතරතුර මහබැංකු අධිපතිවරයෙකු එම දෙපාර්තමේන්තුවට පැමිණෙනු දුටු පළමු අවස්ථාව මෙය බවද කොමිසම හමුවේ ආසීම් මහතා පැවසුවේය.
එහිදී අර්ජූන් මහේන්ද්‍රන් මහතා වෙන්දේසියේ තොරතුරු සම්බන්ධයෙන් විමසූ බවත් එම තොරතුරු වෙන්දේසිය පැවැත්වෙන කාලසීමාව අතරතුර ලබාගත නොහැකි බව දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය මහේන්ද්‍රන් මහතාට දැන්වූ බවත් මෙහිදී ආසීම් මහතා සඳහන් කළේය.

එමෙන්ම මාර්ග සංවර්ධන කටයුත්තක් සඳහා රජයට අතිරේක මුදල් අවශ්‍යතාවක් ඇති බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙහිදී පැවසූ බව ද ආසීම් මහතා ප්‍රකාශ කළේය.
මහා භාණ්ඩාගාරය එවැනි අවශ්‍යතාවක් සම්බන්ධයෙන් මීට පෙර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුවත් කළේ දැයි කොමිසමේ සාමාජිකයින් විමසූ විට ඔහු කියා සිටියේ එවැනි ඉල්ලීමක් තම දෙපාර්තමේන්තුවට නොලැබුණු බවයි
වෙන්දේසිය පැවැත්වෙන අතරතුර පෙරවරු10.57 සිට 10.59 දක්වා කාලය තුළ රුපියල් බිලියන 13.58 ක මුදලක් ලංකා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම හරහා ලංසු තැබීමක් සිදුව ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!