බාල වයස්කරුවන්ටත් සහරාන් විෂබීජ පොවලා..අවි පුහුණුලැබූ සාහසිකයා කොටුවෙයි

බාල වයස්කරුවන්ටත් සහරාන් විෂබීජ පොවලා..අවි පුහුණුලැබූ සාහසිකයා කොටුවෙයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට  ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කළ නවුපර් මව්ලව් තැනැත්තාගේ පුතා වන මොහමඩ් නවුපර් අබ්දුල්ලා යන දහසය හැවිරිදි බාල වයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 
මොහු බන්දියන්වැව අරක්යාල කැකුනුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හෙතෙම සහාරන්  පැවැත්වූ නුවරඑළිය කඳවුරට සහාභාගී වී ඇති අතර අබු හසාම් යන අනුවර්ථ නාමයද ලබාදී තිබේ.
සහාරන්ගේ බොම්බ පිපිරීමෙන් පසුව සැකකටයුතු ලෙස  පුද්ගලයින් විශාල අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 16 පිරිමි දරුවෙකු හමුවුණු පළමුවන අවස්ථාව මෙය බව පොලීසිය පවසයි.දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් බාලවයස්කාර  දරුවන්ට පුහුණු කර ඇත්දැයි පරීක්ෂණ නිලධාරීහු සැක පළකරති.අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි හසන්ත මාරපාන මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් අපරාධ පරීක්ෂන නිලධාරීහූ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!