බ්‍රිතාන්‍ය අගමැති සහ සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා ආසාදනය වෙයි

බ්‍රිතාන්‍ය අගමැති සහ සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා ආසාදනය වෙයි

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතාටද, කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
සිය ට්විටර් ගිණුමේ පළ කරන ලද වීඩියෝවකින් මහින් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
මේ අතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රාජ්‍ය නායකයා බවට පත්වීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට අද සිදුවුණි.
එරට මාධ්‍ය වාර්තාකළේ අග්‍රාමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පරීක්ෂණ වලදී තහවරු වී ඇති බවයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් බොරිස් ජොන්සන් මහතාද එය තහවුරු කර තිබුණි.

ඔ පවසා ඇත්තේ පැය 24ක පමණ කාලයක සිට තමන්ට වෛරසයේ රෝග ලක්ෂණ පහළ වූ බවත්, ඒ හේතුවෙන් තමන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවයි.

(Visited 78 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!