බ්‍රිතාන්‍යයේ මහා රැජිනත් කොරෝනා නිරෝධායනයට

බ්‍රිතාන්‍යයේ මහා රැජිනත් කොරෝනා නිරෝධායනයට

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

එක්සත් රාජධානියෙන් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 144කි.
ආසාදිතයන් ගණන 3,269 දක්වා ඉහළ ගොස් තිබේ.
සුප්‍රකට ලන්ඩන් කුලුන සහ ඓතිහාසික රාජකීය මාළිගා ඇතුළු ලන්ඩනයේ සංචාරක මරමස්ථාන රැසක් වසා දැමීමට තීරණ කෙරුණේ වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහායි.
මේ අතර රජයේ උපදෙස් පිළිපදිමින් ස්වයං- නිරෝධායනයට යොමුවීමට එංගලන්තයේ දෙවන එලිසබෙත් මහරැජිණ තීරණය කර තිබේ.
ඒ එරට වින්ඩ්සර් මන්දිරයේ සිටයි.
ඒ අනුව 93 හැවිරිදි එලිසබෙත් රැජිණ බකින්හැම් මන්දිරයේ සිට බර්ක්ෂයර්හි පිහිටි රාජකීය මන්දිරය වෙත ඊයේ පිටත්ව ගොස් තිබේ.
බටහිර යුරෝපීය රටක් වන මොනාකෝ හි රජු වන ඇල්බට් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මියගිය සංඛ්‍යාව 150 ක් වන අතර ආසාදිතයින් 10,491 ක් ලෙස වාර්තාවනවා.
මිය ගිය අය අතුරින් 80% ක පිරිසක් වයස අවුරුදු 65 ක් සහ ඊට වැඩි පුද්ගලයින්ය.
නියෙන් ආසාදිතයින් 15,320ක් හඳුනාගෙන ඇති අතර මරණ 44 දක්වා ඉහළ ගොස් තිබේ.
නෙදර්ලන්තයෙන් ආසාදිතයින් 2,460 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ ගණන 76කි.
එරට වෛද්‍ය සේවා පිළිබඳ අමත්‍යවරයා පාර්ලිමේන්තු විවාදයක් අතරතුර ඇදවැටුණේ පසුගිය දින පුරා අඛණ්ඩව අධික ලෙස වැඩකිරීම ඊට හේතුවය.
මේ අතර මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක්ව තිබේ.
ඒ එරට කොරෝනා වෛරසය ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමග සමීපව කටයුතු කිරිම හේතුවෙන්ය.
මැලේසියාව තුළින් කොරෝනා වෛරස ආසාදිතයින් 900 ක් වාර්තාවන අතර මියගිය සංඛ්‍යාව 2 කි.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!