බස් වලදී “කාමුක බැල්ම” “සිප ගැනීම්” “හේත්තු වීම්” තුලින් 100% කාන්තාවන් හිංසනයට

බස් වලදී “කාමුක බැල්ම” “සිප ගැනීම්” “හේත්තු වීම්” තුලින් 100% කාන්තාවන් හිංසනයට

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

බස්‌ රථ හා දුම්රිය වල ගමන් ගන්නා මෙරට කාන්තාවන්ගෙන් 100%කට ආසන්න සංඛ්‍යාවක්‌ ලිංගික හිංසනයට ලක්‌ වන බව එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදු කරන ලද නවතම සමීක්‌ෂණයකදී අනාවරණය වී තිබේ.
මෙසේ ලිංගික හිංසනයට ලක්‌වන කාන්තාවන්ගෙන් සියයට 74 කගේ ශරීර කොටස්‌ හිතා මතාම ස්‌පර්ශ කිරීමෙන්ද, සියයට 52.25 ක්‌ අසුන් ගැනීමේ අයෝග්‍ය හැසිරීම්වලින් ද, සියයට 46.28 ක්‌ ශරීර කොටස්‌ දෙස බැලීම නිසා ද, සියයට 45.56 ක්‌ කාමුක බැල්ම නිසා ද, සියයට 48.44 ක්‌ හිතා මතා කකුල් පැගීමෙන්ද එම හිංසනයට ලක්‌වන බව ජනගහන අරමුදල පවසයි.
මෙරට පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන කාන්තාවන් අතුරින් ලිංගික හිංසනයට ලක්‌වන කාන්තාවන්ගෙන් සියයට 37 ක්‌ එම හිංසනයට ඔවුන්ගේ වැඩ කටයුතුවලට අහිතකර ලෙස බලපාන බව පවසා ඇති අතර සියයට 29 ක්‌ සිය අධ්‍යයන කටයුතුවලට බලපාන බව පවසා තිබේ.
ලිංගික හිංසනයට ලක්‌වන කාන්තාවන්ට 119 දුරකථන අංකය අමතා ඒ පිළිබඳව ක්‍ෂණික දැනුම් දිය හැකි බව බලධාරීහු පවසති.
2015 වසරේදී මෙම සමීක්‌ෂණය සිදුකර තිබේ. ඊයේ (13 වැනිදා) කොල්ලුපිටිය ඕසෝ හෝටලයේ පැවැති මාධ්‍ය වැඩමුළුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

(Visited 171 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!