
“බස් රථයක අනුරුවක් සෑදු ඇඹිලිපිටියේ තරුණයා රටක් හොල්ලයි..”
Spread the love
ඇඹිලිපිටිය පදලංගල තරුණයකු සීට් 54 ලේලන්ඩ් බස් රථයක අනුරුවක් නිර්මාණය කර ඇති අතර එය මේ දිනවල ෆේස්බුක්හි වැඩි කතාබහකට පත්වී තිබේ.සෙන්ටිමීටර 27ක් උස, සෙන්ටිමීටර 110ක් පමණ දිග එම එම අනුරුව සැබෑ බස්රථයක බාහිර පෙනුමට සමාන වේ. බස් රථයේ එන්ජිම හැර විදුලි පද්ධතිය ඇතුළු සෙසු සියලු දේ ඒ ආකාරයටම සවි කර තිබීම එහි විශේෂත්වය වෙයි.එම අනුරුව නිර්මාණය කළ රන්දික ලක්ෂාන් අබේදීර නම් 25 හැවිරිදි තරුණයා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයයේ ආදි ශිෂ්‍යෙයකි. කුඩා කල සිටම බස් රථවලට කැමැත්තක් දැක්වූ බවත්, අට ශ්‍රේණියේදීද නව නිපැයුම් ප්‍රදර්ශනයකට බස් රථයක අනුරුවක් නිර්මාණය කළ බවත් රන්දික පැවසීය.මෙවර බස් රථයේ අනුරුව නිර්මාණය කිරීම ඇලුමිනියම් යකඩ තහඩු, ෆ්ලයිවුඩ්, ලී පටි සහ සිලිකන් යොදා ගෙන ඇති බව ඔහු කීවේය.
(Visited 42 times)