බස් නැවතුම් පොළකින් සොයා ගත් මාස 3 කිරිකැටියා

Spread the love
  •  
  •  
  •  
  •  

කැදෑව, කෝනාකුඹුක්වැව හංදියේ බස් නැවතුම්පොල අසල දමාගොස් සිටි මාස 3 ක් වයසැති බිළිදෙකු මැදවච්චිය පොලීසිය විසින් සොයාගනු ලැබ තිබෙනවා. රෙදි කඩකින් ඔතා දමා ගොස් සිටි මෙම බිළිදා දුටු ප‍්‍රදේශ වාසියෙකු ඒ පිළිබද කළ පැමිණිල්ලකට අනුවයි පරීක්‍ෂණ ආරම්භ කෙරුණේ.
ඒ අනුව එම ස්ථානයට ගිය මැදවච්චිය පොලිසියේ නිලධාරීන් විසින් බිළිදා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබුවා. බිළිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචිමාර්ග සදහන් කළේ.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!