“බස් ගාස්තු නැග්ගුවොත් අපේ ගානත් නග්ගනවා…” – ත්‍රිරෝද රථ සංගමයේ සභාපති

“බස් ගාස්තු නැග්ගුවොත් අපේ ගානත් නග්ගනවා…” – ත්‍රිරෝද රථ සංගමයේ සභාපති

Spread the love
  •  
  •  
  •  
  •  

“බස්‌ මගියාට කිසිදු පහසුකමක්‌ නොදී පුද්ගලික බස්‌ සංගම් බස්‌ ගාස්‌තු ඉහළ දැමුවොත් ත්‍රිරෝද රථ ගාස්‌තුවත් රුපියල් 5 කින් ඉහළ දමනවා ආයේ දෙකක්‌ නැහැ…” යෑයි ලංකා ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි. මේ සඳහා ලංකාවේ ඇති කුලී ත්‍රිරෝද රථ දසලක්‍ෂ හැටදහසේම හිමිකරුවන් පෙළගස්‌වන බව ද හෙතෙම කීය.
සුනිල් ජයවර්ධන මහතා මෙසේ ද කියා සිටියේය.
පුද්ගලික බස්‌ සංගම්වල නියෝජිතයන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර බස්‌ ගාස්‌තු වැඩි කළොත් අපි ත්‍රීවීල් ගාස්‌තුවත් රුපියල් 5 කින් ඉහළ දමනවා. ත්‍රිරෝද රථ හිමිකරුවනුත් අද ගැටලු රැසකට මුහුණදීලයි මේ වෘත්තිය කරන්නේ. අද වෙනකොට ත්‍රිරෝද රථවල අමතර කොටස්‌ මිල ගණන්, ටයර් මිල ගණන් ඉහළ ගිහින්.
බස්‌ හිමියන් මගියා සහ රජය දඬුකඳේ ගහලා ඔවුන්ගේ පාඩුව පියවගන්න යන මොහොතේ ප්‍රවාහන ඇමැතිවරයා නොසැලී මගී ජනතාවගේ පැත්තේ සිට තීරණ ගැනීම ගැන සතුටුයි. නමුත් දැන් ඒ බස්‌ සංගම් නියෝජිතයන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර බස්‌ ගාස්‌තුව ඉහළ දමන්න උත්සාහ කරනවා. බස්‌ ගාස්‌තු ඉහළ දැමුවොත් අපිත් ත්‍රීවීල් ගාස්‌තුවත් රුපියල් 5 කින් ඉහළ දමනවා”

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!