“බස් ගාස්තුව නැංවීම අනිවාර්යයි” – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

“බස් ගාස්තුව නැංවීම අනිවාර්යයි” – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Spread the love
  •  
  •  
  •  
  •  

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ අවම සහ දෙවන බස් ගාස්තුව අනිවාර්යයෙන්ම ඉහළ නංවන බවයි. එ් අනුව අවම සහ දෙවන බස් ගාස්තුව රුපියලකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පාදක කරගත යුතු නව නිර්ණායක වෙතොත් ඒවාද ඇතුළත් කරමින් 2002දී සකසන ලද බස් ගාස්තු ප‍්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා. කමිටුව සමග සාකච්ඡා කර සාර්ථක බස් ගාස්තුවක් ලබා ගැනීම අරමුණ බවයි ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
එසේම බස් ගාස්තු සංශෝනය කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් පවරනු ලැබ ඇත්තේ ජාතික ගමනාගමන කොමිසන් සභාව වෙතයි.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!