බලේ රදවා ගන්න බදුම්කරේ පිටු 103 ක් අතුරුදහන් කරයි

බලේ රදවා ගන්න බදුම්කරේ පිටු 103 ක් අතුරුදහන් කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

බැඳුම්කර වාර්තාවේ පිටු 1257 ඇති බව ජනාධිපතිවරයා පැවසුව ද මේ වන විට ඇත්තේ පිටු 1154 ක් බවත් එහි පිටු 103 ක් අතුරුදන් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද(18) පැවති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.
“2018 ජනවාරි 3දා ජාතිය අමතමින් ජනාධිපතිතුමා කිව්වේ බැඳුම්කර වාර්තාවේ පිටු 1,257ක් තිබෙනවා කියා. ඒත් ඊයේ ඉදිරිපත් කළ වාර්තාවේ තිබෙන්නේ පිටු 1154යි. ඒ කියන්නේ පිටු 103ක් අඩුයි. මේ වාර්තාව තමන්ට ලැබුණු බවත් එහි අසත්‍ය කරුණු තිබෙන නිසා එය ප්‍රසිද්ධ කරන්න බෑ කියාත් රවි කරුණානායක මන්ත්‍රීවරයා කිව්වා.
ඒ නිසා අපට සාධාරණ සැකයක් තිබෙනවා රවි කරුණානායක මන්ත්රිිතුමාට අසත්ය යැයි සිතෙන කරුණු වාර්තාවෙන් ඉවත්කළ නිසාද පිටු 103කින් වාර්තාව අඩු උනේ කියලා.
එබැවින් මේ වාර්තාව පිළිබඳ ජනතා විශ්වාසනීයත්වය ගොඩ නැගෙන්න නම් ජනාධිපතිතුමා මේ පිටු 103ට මොකද වුණේ කියා රටට කියන්න ඕනෑ.“

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!