බල්ටි දයාගේ බළලා මල්ලෙන් එළියට පනී

බල්ටි දයාගේ බළලා මල්ලෙන් එළියට පනී

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

උතුරේ ජනතාව නැවත වරක් රැවටීමකට ලක්කිරීමට අග්‍රාමාත්‍යවරයා සුදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා .ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් වේ.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සදහන් කලා.“ශ්‍රීලනිපය වැරද්දක් කළේ නෑ. අපි අපේ නායකයාත් එක්ක එකතුවෙලා ශ්‍රී ලංකා කාරයෝ ටිකත් රැකගෙන, පොදු ජන පෙරමුණේ සහෝදරවරුත් රැකගෙන මේ අවුරුදු 4 හමාර වැස්සක් වහිනකොට සියලු දෙනාම කුඩෙන් ආරක්ෂා කරගෙන ගියා වගේ අරගෙන ගියා.හැබැයි එයාලා කුඩේ ඇතුලේ ඉඳගෙන වැස්ස වහිනකොට අපේ බඩට අනින එකයි කළේ.නමුත් අපි සැලුණේ නෑ. අපි යූ එන් පී එකත් එක්ක එකතු වුණා කිව්වාට අපි එහෙම කළේ නෑ. අපි රට අරන් යන්න අපේ නායකයාට හයිය දුන්නා.2ද වන සංශෝධනය ගේන්න කිවුවා. 19 න් ජනාධිපතිතුමාගේ බලතල කැපුවා. 20 අද වෙනකල් ගෙනල්ලා නෑ. ඒ වෙනුවට වෙන වෙන විස්සවල් දැන් ගෙනල්ලා තියෙනවා.දැන් රනිල් වික්‍රමසිංහට උතුරේ ජනතාව ගැන මහා කැක්කුමක් ඇතිවෙලා හදිස්සියේ. අවුරුදු 4 හමාරක් අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා පොල් ගාලා පොල් ගාලා එක යෝජනාවක් ගේනාවේ නෑ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න.හැබැයි දැන් උතුරට ගිහිල්ලා කියනවා මම උතුරේ කට්ටියට සළකන්න සූදානම් කියලා.මේක තමයි නැවතත් මේ රටේ උතුරේ ජනතාව රවට්ටන්න හදන වැඩපිළිවෙල.”

(Visited 185 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!