බලහත්කාරිපාලනයෙන් රටේ නීතිය බිඳ වැටිලා

Spread the love
  •  
  •  
  •  
  •  

යහපාලනය වෙනුවට ගෙනයන බලහත්කාරී පාලනය වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඉවත්කළ ආකාරය දෙස බැලීමේදී අද වනවිට අමාත්‍යාංශ ලේකම්වරයෙකුට, දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට, විදුහල්පතිවරයෙකුට
තමන්ගේ පුටුවේ වාඩි වී රාජකාරි කිරීමට බියක් ඇති වී තිබෙන බවද එම පක්ෂය පෙන්වාදෙයි.
කොළඹ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා,
“අද එක්සත් ජාතික පක්ෂයේ අණසකට යට වී ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමයත්, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කෑ මොරදුන් පිරිසක් මේ රටේ අගවිනිසුරුවරයා බලහත්කාරි ලෙස ගෙදර යවා තිබෙනවා.
මේ ක්‍රියාකාරීත්වය නිසා අද වනවිට මේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී තිබෙනවා. යහපාලනයක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන් ජනතාවගෙන් අපි අහනවා මෛත්‍රී පාලනයෙන් ඔබ මෙවැනි දේවල් බලාපොරොත්තු වූවාද කියා* යනුවෙන් ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා,
’28 වැනිදා ශ්‍රී ලංකා ඉතිහාසයේ බරපතළ ඛේදවාචකයන් ඇතිකළ දිනයක් ලෙසයි ජාතික  නිදහස් පෙරමුණ දකින්නේ. වත්මන් ජනාධිපතිවරයා ඡන්දෙන් දිනපු පළමු දිනයේදීම පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය බිඳවැට්ටුවා. ඒ අයුරින්ම අගවිනිසුරුවරයා ඉවත් කිරීමත්, බජාර් එකේ චණ්ඩියා ලෙස හැසිරෙමින් බලහත්කාරය යොදා සිදුකළේ.
මේ තත්ත්වය  තුළ රට ක්‍රමයෙන් අඳුරු යුගයකට  ඇදගෙන යන බව පැහැදිලියි. මේ තත්ත්වය තේරුම්ගෙන ඊට එරෙහිව  නැගසිටින ලෙස බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’ යනුවෙන් පවසා සිටියේය.

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!