“බලය ඇතිවිට මොළේ නෑ…මොළේ ඇතිවිට බලේ නෑ..දැන් රටට වී ඇති විනය එයයි “-

“බලය ඇතිවිට මොළේ නෑ…මොළේ ඇතිවිට බලේ නෑ..දැන් රටට වී ඇති විනය එයයි “-

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

බලය තියෙනකොට මොළේ නෑ. මොළේ එනකොට බලේ නෑ කියන කතාව අද වෙනකොට මේ රටේ දේශපාලකයන්ගේ කියුම් කෙරුම් නිසා ඔප්පුවී හමාරයි. පසුගිය ආණ්ඩුවේ ක්‍රියා කලාප හා වර්තමානයේ මත්කුඩු සම්බන්ධව ඔවුන් සිදුකරන ප්‍රකාශ දැන් විහිළු බවට පත්වෙලා.හිටපු ජනාධිපතිවරයා කියන්නේ වත්මන් ආණ්ඩුව යටතේ කුඩු, එතනෝල් වැඩි වෙලා නීතිය වල්වැදිලා කියලයි. එතුමාට අතීතය අමතක වෙලා. එදා කරපු කියුම් කෙරුම්, කුඩු ජාවාරම්කරුවන් රැකපු හැටි එතුමාගේ මතකයේ දැන් නැතිව ඇති. එතුමා බොරු මාධ්‍ය සන්දර්ශන පෙන්වමින් ලකුණු දා ගැනීමට උත්සාහ ගන්නවා. එදා රාජපක්ෂවරුන්ගේ යුගයේදී දේශපාලනය කළ මීගමුව පළාතේ කුඩු මුදලාලි කෙනෙක්ව මත්කුඩු සමඟ නීතියට කොටුවුණු වෙලාවේ ඔහුව එස්.ටී.එෆ්. එකෙන් බේරා ගැනීමට ගුවනින් ගිය රටේ ජනාධිපති අයියාත්, ආරක්ෂක ලේකම් මල්ලීත් කුඩු ජාවාරම්කාර මිත්‍රයා බදාගෙන සිප වැලඳගෙන සැනසූ හැටිත්, නීතියේ රැහැනින් බේරා ගත් හැටිත්, රටේ ජනතාවට අමතක වී නැතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ බත්තරමුල්ල ජනසෙත පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!