බලන්ගොඩ නගරයට භුමි කම්පාවක්

බලන්ගොඩ නගරයට භුමි කම්පාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

අද පස්වරු 2.45 බලංගොඩ නගරය හෙල්ලුම් කෑ බව නිවැසියෝ කිහිප දෙනෙක්ම පැවසූහ. එහෙත් අනතුරක් වූ බවට කිසිම වාර්ථාවක් නැත. මෙම භූමි කම්පාව රිච්ටර් මාපකයේ දෙකකටත් අඩු ප්‍රබලත්වයක් පෙන්වන බව මහනුවර පල්ලෙකැලේ භූ කම්පන මධ්‍යස්ථානය කියයි. බලංගොඩ, ඉඹුල්පෙ, මහවලතැන්න , අලුත්නුවර, රත්මලවින්න පෙදෙස් මෙම භූ කම්පනයෙන් හෙල්ලුම් කෑ බව වැසියෝ කියති.භූ විද්‍යා හා පතල් කාර්යංශය මෙම සුළු භූමි කම්පාව වාර්තා කරයි.
කිසිම දේපලකට හෝ වැසියනට අනතුරක් නොවූ බව ආපදා කළමණාකරන නිලධරයෝ කියති. කල්තොට පන්සලක හිමිනමක් පැවසූයේ සංඝාවාසය මද වේලාවක් හෙල්ලුම් කෑ බවයි.
පස්වරු 3.10 ට පමණ තවත් හෙල්ලුම්කෑමක් සිදු වූ බව වැසියෝ කියති

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!