බඳවා ගැනීම් ගාස්තුවකින් තොරව ඊශ‍්‍රායලයේ රැකියා අවස්ථා

බඳවා ගැනීම් ගාස්තුවකින් තොරව ඊශ‍්‍රායලයේ රැකියා අවස්ථා

Spread the love
  •  
  •  
  •  
  •  

විදේශ රැකියා අමාත්‍යංශය හා ඊශ‍්‍රායෙල් රජය සමග ඇතිකර ගන්නා ලද ඒකාබද්ධ නියමු ව්‍යාපෘතිය යටතේ, එරට සත්කාරක ක්ෂේත‍්‍රයේ රැකියා 50ක් ශ‍්‍රී ලංකාවට ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි..
ඊශ‍්‍රායෙලයේ වැඩිහිටි හා ආබාධිත පුද්ගලයින් හට සත්කාර කිරීම වෙනුවෙන් මෙම රැකියා අවස්ථාවන් ලැබී ඇති අතර, ඒ සඳහා වයස අවුරුදු 25-40ත් අතර, පිරිමි කාන්තා දෙපක්‍ෂයටම අයදුම් කළ හැකි බවද ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.
අයදුම්කරුවන්ට, ඉංගි‍්‍රසි භාෂාව පිළිබඳව මධ්‍ය මට්ටමට දැනුමක් තිබිය යුතු අතර, මීට පෙර ඊශ‍්‍රායෙලයේ රැකියාවල නිරත වූ අයට අයදුම් කළ නොහැකි බව විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. මෙම වැඩපිළිවෙළට සහභාගි වීම සඳහා කිසිඳු බඳවා ගැනීම් ගාස්තුවක් අය කරනු නොලබන අතර රාජ්‍යන් දෙක අතර, එකගතාවයට පැමිණ ඇති ගාස්තු පමණක් අයකරනු ලැබේ.
මේ අතර මෙම අයදුම්පත්, රැකියා විස්තරය, වැටුප්, පූර්ව අවශ්‍යතා, රැකියාවේ කාලසීමාව, බඳවා ගැනීමේ පිළිවෙත, දැරිය යුතු වියදම් ඇතුළු විස්තර ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ඇත.
අයදුම්පත් සැප්තැම්බර් 07 දක්වා බාර ගැනේ.

(Visited 1,012 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!