බන්ධනාගාර රෝහලේ සිටි කොටියෙක් පැන යයි… අනුග්‍රහය TNA කොටි දෙදෙනෙක් ගෙන්…

බන්ධනාගාර රෝහලේ සිටි කොටියෙක් පැන යයි… අනුග්‍රහය TNA කොටි දෙදෙනෙක් ගෙන්…

Spread the love
  •  
  •  
  •  
  •  

ද්‍රවිඩ අමාත්‍යවරයෙකුගේ නිර්දේශ මත වැලිකඩ බන්ධනාගාරයේ සිට යාපනය බන්ධනාගාරයට වෙත මාරු කර යැවූ එල්.ටී. ටී. ඊ සැකකරුවෙකු පලාගොස් ඇති බවට වාර්තා වේ. ඒ, ඔහු දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.
මෙම එල්.ටී. ටී. ඊ සැකකරුගේ සුවදුක් විමසීම සදහා ඉකුත්දා දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුද වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ඇත.
එහිදී ඔහු මන්තී‍්‍රවරුන්ට පවසා ඇත්තේ තමන්ට බන්ධනාගාර රෝහලෙන් එන්නතක් ශරීරගත කිරීමෙන් පසුව දැඩි අපහසු තත්ත්වයකින් පෙළෙන බවයි.
පසුව මන්තී‍්‍රවරුන් විසින් මෙම සැකකරු යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යවන ලෙසට අදාළ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ අතර පලාගිය එල්.ටී. ටී. ඊ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ කාර්ය බලකාය, පොලීසිය හා බන්ධනාගාර නිලධාරීන්ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!