බන්ධනාගාරයට කුඩු ඇද්ද සාජන්ට වෙච්ච දේ..

බන්ධනාගාරයට කුඩු ඇද්ද සාජන්ට වෙච්ච දේ..

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

මත්කුඩු ග්‍රෑම් දහනවයක් රැගෙන වැලිකඩ බන්ධානාගාරයේ රාජකාරියට පැමිණි බන්ධනාගාර සැරයන්වරයකු ඊයේ (31 වැනිදා) පෙරවරුවේ වැලිකඩ බන්ධානාගාර අධිකාරිවරයාට කොටුවී තිබේ.
රැ්‍දවියන්ට අලෙවි කිරීමට සිය නිල ඇඳුමේ බඳ පටියේ සඟවාගෙන සැකකරු මෙම මත්කුඩු බන්ධනාගාරය තුළට රැගෙනවිත් ඇත.
සැකකාර නිලධාරියා රාජකාරියට පැමිණීමේදී ඔහු පිළිබඳ සැක සිතූ වැලිකඩ බන්ධානාගර අධිකාරි උඩුවර මහතා ඔහුව පරීක්‍ෂාවට ලක්කරන ලෙස බන්ධානාරයට ඇතුළුවන ප්‍රධාන දොරටුවේ අවසානයට සිටි බන්ධානාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන්ට දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව සැකකරු පරීක්‍ෂා කළ බන්ධානාගාර බුද්ධි නිලධාරීන් ඔහු සන්තකයේ කිසිවක් නොමැති බව පැවසීමත් සමඟ ඔහු බන්ධනාගාර තූළට ගමන් කිරීමට සූනම් වී ඇති අතර එහිදී එම ස්ථානයට පැමිණි බන්ධානාගර අධිකාරිවරයා යළි සැකකරුව නතර කර සිදු කළ පරීක්‍ෂාවකදී බඳපටියේ සඟවාගෙන සිටි මත්කුඩු තොගය සොයාගෙන තිබේ.
පසුව කළ සෝදිසියකදී සැකකාර නිලධාරියා භාවිත කරන කබඞ් එකක තිබී නවීන ජංගම දුරකථන දෙකක් සහ රුපියල් අසූපන්දහසක මුදලක්ද සොයාගත් බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර බන්ධානාගර නිලධාරියා වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසියට භාරදී ඇත.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!