
බදුල්ලේ අලි පොරය ත්රීව වෙයි
අඟහරුවාදා පාර්ලිමේන්තු සැසියේ දී එජාප පසුපෙල මන්ත්රී චමින්ද විජේසිරි බදුල්ලේ එජාප ප්රබලයෙකු පිළිබඳ කරන්නට නියමිත වූ ‘විශේෂ ප්රකාශය’ ද සිදුවූයේ නැත. ඒ එජාපයේ ප්රබලයින්ගේ ‘දැඩි අවවාද’ මත ය. කෙසේවෙතත්, ‘එම ප්රකාශය’ සිදුවිය යුතුව තිබුණේ, ‘හරීන් ප්රනාන්දු’ ඇමතිවරයාට එරෙහිව ය.ඉකුත් සතියේ පාර්ලිමේන්තු සැසියේ ආරම්භක දිනයේ දී පාර්ලිමේන්තු ලොබියේදී හමුවූ එජාප පසුපෙළ මන්ත්රීවරුන් පිරිසක් සමඟ චමින්ද විජේසිරි පවසා තිබුණේ මෙසේ ය. ‘‘මේපාර මගේ කට වැහුවත් ‘හරිය’ට හරි ගියා වගේ ම ‘හරිය’ට වරදින වෙලාවකුත් ළඟ එනවා…’’ යනුවෙනි.කෙසේවෙතත් එජාප පසුපෙළ මන්ත්රීවරුන්ගේ බලය අතට ගෙන සිටින චමින්ද විජේසිරි අවුරුදු කිහිපයක සිට හරීන් ප්රනාන්දු බදුල්ලෙන් එළවා දැමීමේ මෙහෙයුමක් දියත්කරමින් සිටින්නේ, හරීන් ඡන්දෙ කලෙට බදුල්ලට බස්සන ‘පැරෂුටයක්’ පමණක් වන බව පවසමිනි. ‘‘එයා ඡන්දෙ කාලයේ මෙහේ බහිනවා. ඡන්ද ටික අරං ගියායින් පස්සෙ ආපහු බදුල්ල ගැන බලන්නේ නෑ.” චමින්ද විජේසිරි වැඩිදුරටත් පැවසුවේ ය.