බදුරලියේ පාසල් බොම්බේ වගතුග හෙළිවෙයි

බදුරලියේ පාසල් බොම්බේ වගතුග හෙළිවෙයි

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

බදුරලිය, පාලින්දනුවර ප්‍රාථමික විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී ඊයේ අත් බෝම්බ 13 ක් සොයාගෙන තිබුණි.විදුහලේ ගොඩනැගිල්ලක් අසල තිබූ පාර්සලයක් පිළිබඳව එහි මුරකරු විසින් පරීක්ෂා කිරීමේදී  මෙය හමු වී තිබුණි.මුරකරු  ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇති අතර මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට  කටයුතු කර තිබුණි.පොලිසිය සිදු කර ඇති විමර්ශනයේදී අනාවරණය වන්නේෙ පාසලට අත්බෝම්බ ගෙනවිත් දැමීම කඩාකප්පලකාරි පිරිසකගේ ක‍්‍රියාවක් බවයි‍ මෙම බෝම්බ පාර්සලය තැබීම පාසල් පවත්වාගෙන යාමට එරෙහිව හා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් සිදුකරන්නට ඇති බවට සැක පහළවන්නේ එය පිපිරීමට සකස්කළ එකක් නොවූ නිසා වේ.

(Visited 344 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!