“බඩුමිල අඩුකර වැටුප් වැඩිකර ආදායම ඉහළ දැමු එකම ආණ්ඩුව මේ අපි”

“බඩුමිල අඩුකර වැටුප් වැඩිකර ආදායම ඉහළ දැමු එකම ආණ්ඩුව මේ අපි”

Spread the love
  •  
  •  
  •  
  •  

බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය බර නැති ශීඝ‍්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බවද අනාවරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ගමින් ගමට – දොරින් දොරට සැමට සෙවණ විසිර නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප‍්‍රදානය කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!