“බංකොළොත් වූ රටක් ශක්තිමත් රටක් කළේ මේ අපි”-රනිල්

“බංකොළොත් වූ රටක් ශක්තිමත් රටක් කළේ මේ අපි”-රනිල්

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම, විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ ඊයේ (19) සවස පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදීය.බංකොළොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා අද ගමේ සිදුවන සංවර්ධනය දරාගත නොහැකිව විරුද්ධවාදීන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!