”පොළොන්නරුවේ සරල සිරිසේන 5ක් ඉන්නවා කියලා 2021 දක්වා ඉන්නයි  සුදානම ”-කෙහෙළිය.

”පොළොන්නරුවේ සරල සිරිසේන 5ක් ඉන්නවා කියලා 2021 දක්වා ඉන්නයි සුදානම ”-කෙහෙළිය.

Spread the love
  •  
  •  
  •  
  •  

19 වන සංශෝධනයක් ගෙනැවිත් ජනාධිපති ධුර කාලය වසර පහක් තෙක් අඩු කර ගත් වත්මන් ජනාධිපතිවරයා 2021 තෙක් බලයේ සිටිය හැකිදැයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එම සංශෝධනය සදහා එදා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 224ක්ම අත ඉස්සූ බවත ඔහු පවසයි
වසර හයක්ව තිබූ නිල කාලය වසර පහක් කරගෙන පොලොන්නරුවේ සිට රට පාලනය කිරීමට පොරොන්දු වූ වත්මන් ජනාධිපතිවරයා දැන් නිල කාලය දිගු කර ගත හැකිදැයි විමසන බවද සදහන් කරයි.
කෙසේ වෙතත් ව්‍යවස්ථාව අනුව 2020 ජනවාරි 08 වැනිදාට තුන් මාසයකට පෙර ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කල යුතු බවත් රඹුක්වැල්ල මහතා කියා සිටී.
අද [11]කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

(Visited 8 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!