“පොහොට්ටුවේ ඉන්නේ රට කාපු හොර නඩයයි-ශ්‍රීලනිපයේ පොදු සතුරා පොහොට්ටුවයි”මනුෂ

“පොහොට්ටුවේ ඉන්නේ රට කාපු හොර නඩයයි-ශ්‍රීලනිපයේ පොදු සතුරා පොහොට්ටුවයි”මනුෂ

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොදු සතුරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව මනුෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ කීවේ මීගමුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. වැඩිදුරටත් අදහස් පළකළ නියෝජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එකම ගමනක් යන්නේ. ඒක පසුගිය කාලයේ හරියට තේරුම් ගෙන තිබුණේ නැහැ. එක ගමනක් යන අපිට විවේචන කර කර මේ ගමන යන්න බැහැ. එකට සහයෝගයෙන් ගමන යන්න අවශ්‍යයිද සඳහන් කළේය.පොහොට්ටුවේ සිටින්නේ චෝදනා එල්ලවී නඩු වැටුණු පිරිසක් බවත් එවැනිම තවත් පිරිසක් පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී පොහොට්ටුවට එකතු වූ බවත් පැවැසීය.මීගමුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම සංවිධායක ලලිත් ටෙන්සිල් මහතා විසින් මෙම බලමණ්ඩල රැස්වීම සංවිධානය කර තිබිණි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!