පොසොන් පොහොය දා “අබ්දුල් මොහොමඩ්” කාමාතුරයාගෙන් බේරුන 7 හැවිරිදි මුව පැටික්‌කිය

පොසොන් පොහොය දා “අබ්දුල් මොහොමඩ්” කාමාතුරයාගෙන් බේරුන 7 හැවිරිදි මුව පැටික්‌කිය

Spread the love
  •  
  •  
  •  
  •  

මිහින්තලා මහවනයට දේවානම්පියතිස්‌ස රජු පැමිණියේ මුව පොව්වන් දඩකෙළියටය. මුව පොව්වකු දුටු රජු මුවපොව්වා පසු පස එළැවීය. හී පහර වැදී මියෙන්නට බියෙන් මුව පොව්වා ගල් තලා මැදින් කැලයේ දිව ගොස්‌ සැඟවුණි. අම්බස්‌තල මස්‌තකයේ සිටි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ‘තිස්‌ස යෑයි අමතා රජු පසුව බෞද්ධ උපාසකයකු කරවීය. එදා මුව පොව්වාට අභයදානය ලැබිණි.
එදායින් පසුව වසර දෙදහස්‌ තුන්සිය විසි දෙකකට (2322) පසු පොසොන් සමයේදීම අහිංසක අසරණ මුව පැටික්‌කියක්‌ අභය දානය ලබා ගත්තීය. ඒ මිහිඳු හිමි අනුහසින් නොවේය. මිහිඳු හිමිගේ බණ උගත් පිළිපැදි අනුබුදු හිමි මඟ ගත් යහපත් දනන් නිසාවෙනි. එදා දඩයමේ ගියේ හෙළයේ රජාණෝය. මෙදා ගියේ අමුම අමු පල් හොරෙකි. පාදඩ කාමාතුරයෙකි.
පොසොන් සඳ එබෙන සඳ, පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විදුහලේ ගුරු මණ්‌ඩලය ඇතුළු සිසු දරුවන් සූදානම් වූයේ පසුදින (02 දින) එළැඹෙන පොසොන් පෝ දිනය නිමිත්තෙන් අනුබුදු මිහිඳු හිමි සමරා දාන ශීල භාවනා පිංකම් සූදානම් කිරීමටයි. එපරිදි 01 දා පාසලේ දහම් වැඩ සටහන්වල දරුවෝ සූදානම් වූහ. දරුවන් දහමින් මෙලෙස පෝෂණය වෙද්දී වැඩිහිටි කාමාතුරයෙක්‌ පාසලෙන් එළියේ සිටිමින් රාග ගින්නෙන් දැවි දැවී සිටියේ තම රාග ගිනි ජාලාවට කවුරුන් හසුකර ගන්නේ දැයි මාන බලමිනි.
රිචඩ් එම්මානුවෙල් සිතුනි ප්‍රබෝදනී සත් හැවිරිදි දියණිය, තම දෙවන වසරේ යහලුවන් සමග දවල් 12.00 ට පමණ පාසල් ඇරී පිටතට ආයේ ඒ අතරවාරයේදීය. ඒ පාසලට වැටක්‌, ගේට්‌ටුවක්‌ද නොතිබුණේ මෑතකදී ඇරඹූ විදුහලක්‌ වීම හේතුකොටගෙනය. සිතුනිගේ නිවුන් සොයුරා තව ප්‍රමාද වන හෙයින් ඇය සුපුරුදු ත්‍රිරෝද රථය එනතුරු පෙරමග බලමින් හුන්නාහ. කෙසේ වෙතත් සුපුරුදු ත්‍රීරෝද රථය පැමිණ නැතොත් වෙනත් ත්‍රිරෝද රථයක්‌ නවත්වා එහි නැගී පැමිණෙන මෙන් වැරදි උපදෙස්‌ ද ඇයට නිවසින් ලැබී තිබිණි. ඇය දිගටම පාර බලා සිටියාය. ත්‍රිරෝද රථය නැත.
එළියේ සිටි පාදඩ කාමාතුරයාගේ නෙත, සිතුනි දැරිය වෙත යොමු වන්නේ මේ මොහොතේය. ගිනියම් රාගයෙන් රත්වූ ඔහු සිතුනි මුව පැටික්‌කිය වෙත ළං වන්නේ ඉන් පසුවය. ”බබා ඔයාගේ අම්මා කිව්වා අද ත්‍රීවීල් එක එන්නේ නැහැ. මට ඔයාව අරගෙන එන්න කිව්වා.” ඇය රැවටීමට ඔහුට හැකි වුණි. පැටික්‌කිය මොනවා දන්නවාද මොනවා තේරෙනවාද? ඇය මාමේ යමු කියමින් ඔහු හා ගමනට එක්‌ වූවාය. ඔහු ඇය අතින් අල්ලාගෙන බොරු විහිළු කියමින් ඇය රවටා පළමුව අසල තිබූ පුත්තලම දුම්රිය ස්‌ථානයට යන කෝච්චි පාර පැන, අයිනෙන් වූ පාරක්‌ දිගේ ඇය සමග ගියේය. වේලක්‌කන්නි දේවස්‌ථානය පිටුපස වූ ළඳු කැලය දෙසට යද්දී ඇය බියපත් වූවාය. ඔහු ඇය හඬද්දීම කට වසා ඇය ඔසොවා ගෙනම ළඳු කැලය ඇතුළටම රිංගුවේය. ඔහු ඉන් පසු තැත් කළේ සිය කාමාශාව සංසිඳුවා ගැනීමට මෙම මුව පැටික්‌කිය දඩයම් කිරීමට ය. ඔහු ඒ සඳහා සැරසෙමින් සිටියේය.
කෙසේ වෙතත්, කෝච්චි පාරේ නිවසක වැඩ කළ බාසුන්නැහේ කෙනෙක්‌, කුඩා දැරියක්‌ අතින් අල්ලාගෙන කලබලයෙන් යන පුද්ගලයකු දැක ඒ පිළිබඳව සැක සිතී අවට කීප දෙනකුට පැවසීය. ඒ සමගම දැරිය රැගෙන යැමට පැමිණි මව හා තවත් කීප දෙනෙක්‌ දැරියක්‌ නැතිවී ඇතැයි විලාපයද ඔහුට ඇසිණි. සියලු දෙනා එක්‌වී අවට පිරික්‌සූහ. පීරූහ. කොතැනවත් නැත.
මොහොතකින් සිතුනි දුව හඬ හඬා කැලයෙන් එළියට ආවේ කවුරුවන් නොසිතූ නොපැතූ අයුරින්ය. ඇය අතවරයකට ලක්‌වී ඇත්දෝයි පරීක්‍ෂා කළ පිරිස්‌ ඊළඟට සූදානම් වූයේ අදාළ පුද්ගලයා සෙවීමටය. පිරිස්‌ සැම තැන විසිරී සෙවූහ. බැලූහ. කිසිතැනක නැත. සියල්ලෝ උත්සාහය අතහැර ආපසු යැමට සිතුවේ පුද්ගලයා කෙසේ හෝ පැන ගොස්‌ ඇතැයි සිතාය. ඒත් හදිසියේම කාන්තාවක නෙතට සෙරෙප්පු දෙකක්‌ දක්‌නට ලැබිණි. ඒ සිද්ධිය දැක සියලු දෙනා පිවිස ඒ අසල තිබූ කිසිවකුටත් යා නොහැකි ගණ කටු පඳුරු ළඳු කැලය පීරිමට තීරණය කළහ. ඔවුන් අසීරුවෙන් එය වටකර පීරා යද්දී දුටුවේ ඒ මැද දිය පිරි කඩිත්තක දිය යට හිස සඟවා ගෙන සිටින සැකකරුය. කබරයකු දියෙන් ගොඩ ගන්නා සේ පිරිසම ඔහු කඩිත්තෙන් එළියට ඇද ගත්තේය. ඉන් අනතුරුව වූයේ එතැන සිටි සිය ගණනකගේ කෝපයද, වෛරයද, රිදුමද ආවේගයද සැකකරු පිටින් හුවමාරු වන අයුරුයි. ඔහු අතිනත පයින් පය යෑවිණි. ඔහු සම්බෝල වන තරමට අම්බානක ගුටි බැට වලින් පීඩා වින්දේය. අවසන කැලයෙන් එළියට ගෙනාවේ වල් තිරිසනකු සේ බිම දිගේ ඇදගෙනය. මිනිස්‌කමට නිගා දුන් ඔහුට නොමිනිසකුට මෙන් වල් තිරිසනකුට වඩා මිනිසුන් ”සලකා” තිබිණි.
අබ්දුල් ජබාර් මොහොමඩ් තවුපික්‌ නැමති තිස්‌ අට (38) හැවිරිදි විවාහක මුසල්මානුවා අවසන පුත්තලම අනුරාධපුර මාර්ගයට ගෙනවුත් එහිදීද ජනතාව ”සැලකූහ.” මාර්ගය මේ නිසා පැයක්‌ පමණ වැසී දෙපස වාහන දෙසිය තුන්සිය සිරවී තිබිණි. පොලිසිය පැමිණ ඔහු බේරා ගත්තේ ඉතා අසීරුවෙනි. අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළේ ඔහු අසාධ්‍ය ලෙස පහරකා තිබූ හෙයිනි. දැරියද වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමු කරන ලදී. ඇයට අතවරයක්‌ වී නැතැයි දෙමාපියන්ද පොලිසියද පැවසුවේය. වෛද්‍ය තීන්දුවත් එයම විය.
පුත්තලම ජ්‍යෙ. පො. අධිකාරි නීතිඥ එල්. පී. එස්‌. පී. සඳුන්ගහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වැ. බ. පුත්තලම ස. පො. අ. නානායක්‌කාර , මූ. පො. ප. සුමනසේන, අපරාධ අංශ ස්‌ථානාධිපති සුනිල් මහත්වරුන් පරීක්‍ෂණ පවත්වා පවසා සිටියේ මෙම සැකකරු මීට ප්‍රථමද දැරියක්‌ අපයෝජනයට ලක්‌ කළ අයකු බවත්, එසේම ගෙවල් බිඳුම්, මංකොල්ල කෑම් ඇතුළු වැරදි රැසකට වරෙන්තු කැඳවූ අයකු බවත් ඔහුට විරුද්ධ අධිකරණයේ නඩු රැසක්‌ ඇති බවත්ය.
මෙහිදී කරුණු රැසක්‌ පැහැදිලි කළ යුතුව තිබේ. පාසල් ඇරී නිවෙස්‌වලට එනතුරු දරුවන් රැක බලා ගැනීම මව්පියන්ගේaත්, පාසලේත් දැඩි වගකීම බවය. අන් අයට ඒ ආරක්‍ෂාව පැවරීමෙන් පාඩුවද, හානියද, වේදනාවද, රිදුමද, තමන්ට මය. සැමදාමත් මේවා ජනමාධ්‍ය මගින් සාකච්ඡා කෙරෙයි. එසේ වුවත් ඒ දින කීපය නිමාවූ පසු යළිත් දරුවන් නිදැල්ලේය. අනාරක්‍ෂිතය.
පොසොන් පෝ දින සඳ, සිතුනි දැරිය බේරා ගත්තේ එදින රැයේ ඇයගේ ගමටද නිවසටද පොසොන් සිසිල බෙදමින් පායා තිබූ නිසාය.
අනුබුදු මිහිඳු හිමියන්ගේ මග ගමන් ගත් අනගාරික ධර්මපාල උතුමන්ද, එතුමන්ගේ නාමය යෙදූ පාසලේ මුව පැටික්‌කියකට අතවරයක්‌ වනවා දක්‌නට නොහැකිව ඇයව බේරා ගත්තා විය හැක. කෙසේ වෙතත් අප පිං දිය යුත්තේ විසල් අපරාධයක්‌ ඇතැම් විට සැඟවුණු මරණයක්‌ වැළැක්‌වීමට උත්සාහ කළ ප්‍රදේශවාසීන්ටය.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!