පොලිසිය විසින් අතුරුදහන් කරවූ රත්ගම ජිවිත දෙක මරා පුච්චා දැමු බවට සාක්‍ෂියක්..?

පොලිසිය විසින් අතුරුදහන් කරවූ රත්ගම ජිවිත දෙක මරා පුච්චා දැමු බවට සාක්‍ෂියක්..?

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

බූස්ස රත්න උදාගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වීම අඟුලානේදී පොලිස් නිලධාරීන් විසින් තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම හා සමාන සිද්ධියක් වේදැයි සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ ප‍්‍රකාශ කළේය.තිදරු පියෙකු හා එක් දරු පියෙකු බුස්සේදී පසුගිය ජනවාරි මාසයේ අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳව රත්ගම හා ගාල්ල පොලිස් ස්ථාන මගින් සිදුකරන විමර්ශන කටයුතු කෙරෙහි සෑහීමකට පත් නොවන නිසා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිරහස් මිනීමැරුම් සෙවීමේ අංශයට භාර කර ඇත.ජනවාරි 23 වැනිදා දහවල් 10.15 ට පමණ රත්ගම උදාගමට පැමිණ පැහැරගෙන ගොස් තිබුණේ 33 හැවිරිදි තිදරු පියෙකු වන මංජුල අසේල කුමාර හා 31 හැවිරිදි එක්දරු පියෙකු වන කේ. රසින් චින්තක යන දෙදෙනායි.රසින් ධීවර වරායෙන් මාළු මිලට ගෙන මීගමුවට ප‍්‍රවාහනය කළ තොග ව්‍යාපාරිකයෙකි. මංජුල රත්ගම නගරය ආසන්නයේ කුකුළු මස් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිරහස් මිනීමැරුම් සෙවීමේ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ බූස්ස රත්ගම ප‍්‍රදේශයට ගොස් ඇත.මෙම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇත.මේ අතර පසුගිය 06 වැනිදා මංජුලගේ නිවසට ඔහුගේ බිරිඳ වන සමන්තිගේ නමට ලැබුණු නිර්නාමික ලිපියක් මගින් අතුරුදන් දෙදෙනා පොලිසිය මගින් රැුගෙන ගිය බවත් ඔවුන්ට පහරදීමේදී එක් අයකු මියගිය නිසා එය දුටු අනෙක් පුද්ගලයා ද ඝාතනය කර පුළුස්සා දැමූ බවටත් හෙළි කර තිබිණි.

(Visited 105 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!