“පොල් 1008ක් ගැහුවා… ඉට්පන්දම් 1008ක් පත්තු කළා… ආන්ඩවනේ ඒත් හිලරි පරාද වුනා” – සිවාජිලිංගම්

“පොල් 1008ක් ගැහුවා… ඉට්පන්දම් 1008ක් පත්තු කළා… ආන්ඩවනේ ඒත් හිලරි පරාද වුනා” – සිවාජිලිංගම්

Spread the love
  •  
  •  
  •  
  •  

හිලරි ක්ලින්ටන්ට ජයපතා පොල් 1008ක් ගසමින් සහය පළකළේ දෙමළ ජනාතවගේ ප‍්‍රශ්න ඇය ලවා විසඳා ගැනීමට තිබූ විශ්වාසය නිසා වුවද නොසිතූ පරිදි ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයගැනීම නිසා දැන් කරන්නට දෙයක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් පැවැසී ය.
පසුගිය සතියේ බදාදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පොල් 1008ක් ගසා ජය ප‍්‍රාර්ථනා කිරීමට සිවාාජිලිංගම් මහතා එදිනම යාපනය රෝමානු කතෝලික දේවස්ථානයේදී ඇය වෙනුවෙන් ඉටිපන්දම් 1008ක් දල්වා ආශිරවාද එක්කර තිබිණි.
කෙසේවෙතත් හිලරි ක්ලින්ටන්් පරදා ට‍්‍රම්ප් ජයගැනීම පිළිබඳ කළ විමසීමකදී සිවාජිලිංගම් මෙසේද පැවැසී ය.
”අපිට විශ්වාසයක් තිබුණා උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවට සහනයක් ලබාදෙන්න පුළුවන් හිලරි ක්ලින්ටන් මහත්මියට පමණක් කියලා. එ් නිසයි අපි ඇයට ජය පතා පොල් ගැසුවේ. නමුත් ට‍්‍රම්ස් මහතා ජයගෙන තිබෙනවා. අපි එ්ක පිළිගන්නවා. ලබන වසරේ මම ඇමෙරිකානු සංචාරයකට එක්වීමේ අදහසින් ඉන්නවා. අවස්ථාව ලබාදුන්නොත් මේ රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!