“පොදු අපේක්ෂකයා රනිල් හෝ මෛතී‍්‍ර” – UNP

Spread the love
  •  
  •  
  •  
  •  

එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහද නැතහොත් ඇමති මෛතී‍්‍රපාල සිරිසේනද යන්න ඉදිරි දින 02 ඇතුලත තීරණය කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

ඇමති මෛතී‍්‍රපාල සිරිසේන සහ තවත් අමාත්‍යවරුන් 20 කට අධික පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පරාජය වෙනුවෙන් කටයුතු කරන බව දැනුම්දී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයට ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කිරීමට අවස්ථාව තිබුණත් සන්ධාන ගතවීම එය වඩාත් පහසුකරනු ඇති බවයි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!