”පොට වරද්ද ගත්තේ මේ ආණ්ඩුව..දැන් ඉන්දියාව අපි ගැන හිතන විදිය වැරදියි”- ගෝඨාභය

”පොට වරද්ද ගත්තේ මේ ආණ්ඩුව..දැන් ඉන්දියාව අපි ගැන හිතන විදිය වැරදියි”- ගෝඨාභය

Spread the love
  • 39
  •  
  •  
  •  
    39
    Shares

ඉන්දියාවේ “ද ඉන්දියන් එක්ස්ප්රෝස්” පුවත් ආයතනය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බව පවසයි. මේ හේතුවෙන් මෝඩි රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් කටයුතු කරන බව හා ඉන්දීය කොංග්‍රස් රජය පැවති සමයේ සිය රජය සමඟ හොඳ අවබෝධයකින් කටයුතු කළ බවද එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීම සඳහා ද එම රජයේ සම්පූර්ණ සහය හිමිවූ බව ද ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව චීනයට සමීප වීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීම සඳහා යොදා ගැනීමට පැවති රජය කිසිඳු අවස්ථාවක ඉඩ ලබානොදුන් බවයි.
යුද සමයේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ද එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ සිය හෘද සාක්ෂියට අනුව තමන් කිසිඳු වැරදි දෙයක් සිදුනොකළ බවයි.
කුමන රටක ඇති වූවද යුද්ධය යනු හොඳ දෙයක් නොවන බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් යුද්ධය ඇති කිරීමට නොව යුද්ධය අවසන් කිරීමට ක්‍රියා කළ බව ප්‍රකාශ කර ඇත.
යුද්ධයක් අවසන් කිරීම පහසු කටයුත්තක් නොවන අතර ත්‍රස්තවාදය හේතුවෙන් හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන්ද මියයන බව සඳහන් කර තිබේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!