පෙම්වතිය ඝාතනය කළැයි චෝදනා වූ ඔස්කා නිදහස්

Spread the love
  •  
  •  
  •  
  •  

සිය පෙම්වතිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් දකුණු අපි‍්‍රකානු පැරා ඔලිම්පික් ධාවන ශූර ඔස්කා පි‍්‍රස්ටෝරියස් වෙත එල්ල වී තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට දකුණු අපි‍්‍රකානු අධිකරණය අද (11) නියෝග කළා. සිය පෙම්වතිය හිතා මතා ඝාතනය කළ බවට සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට එල්ල වී තිබූ චෝදනාවෙන් නිදහස් වූ බවයි අධිකරණයේ විනිශ්චය මණ්ඩලය විසින් දැනුම් දී ඇත්තේ. නමුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් සාපරාධි මනුෂ්‍ය ඝාතනය යටතේ තවදුරටත් නඩුව විභාග කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා. රීවා ස්ටින්කෑම්ප් නම් ඔහුගේ පෙම්වතියට පසුගිය වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී වෙඩි තබා ඝාතනය කළ බවට ඔස්කා පි‍්‍රස්ටෝරියස්ට චෝදනා එල්ල වුණා.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!