පූජිත් ජයසුන්දරගේ ෆේස්බුකියට රිංගු තරුණයා නැවතත් රිමාන්ඩ්

පූජිත් ජයසුන්දරගේ ෆේස්බුකියට රිංගු තරුණයා නැවතත් රිමාන්ඩ්

Spread the love
  •  
  •  
  •  
  •  

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ මුහුණු පොත ගිණුමට ෆේස් බුක්‌) අනවසරයෙන් ඇතුළු වී පොලිස්‌පතිවරයා ලෙස පෙනී සිට කාන්තාවන් රැවටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ 19 හැවිරිදි තරුණයා ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (09 දා) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණ අවසන් වී නොමැති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්‌වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් එම නියෝගය කළේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!