“පුළුවන් නම් කරන්න…!” – රවීගේ අභියෝගය මහින්ද මැතිඳුන් බාරගනී

“පුළුවන් නම් කරන්න…!” – රවීගේ අභියෝගය මහින්ද මැතිඳුන් බාරගනී

Spread the love
  •  
  •  
  •  
  •  

බැදුම්කර ගැසට් නිවේදනය සම්බන්ධයෙන් හැකිනම් නඩු පවරන ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කළ අභියේගය භාර ගනිමින් ඉදිරි සතියේදී එ්කාබද්ධ විපක්ෂය විසින් මුදල් අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.
එ් මහතා මෙසේ පැවසුවේ අද (02) බොරුල්ලේ පැවැති එ්කාබද්ධ විපක්ෂයේ ආර්ථික පරියේෂණ එ්කකයේ ජනමාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට හිටපු ජනාධිපතිවරයාව කිසිදු අයුරකින් සම කළ නොහැකි බැවින් හිටපු ජනාධිපතිවරයා රවී කරුණානයක මහතා වැන්නකුට නඩු පැවරීමට උසාවියට යාම අර්ථ ශූන්‍ය කාරණයක් බවද බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේය.
මුදල් අමාත්‍යවරයා විසින් බැදුම්කර ගණුදෙනුවට හිටපු ජනාධිපතිවරයාගේ නම ඈදා ගැනීමේ අසාර්ථක උත්සහය අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේදී මේවන විට හෙළිවෙමින් පවතින් බවත් එ් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!