පුවතක් නිසා දුම්මලසුරිය කැළඹෙයි

පුවතක් නිසා දුම්මලසුරිය කැළඹෙයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

දුම්මලසූරිය නගරයට කිසියම් පිරිසක් පහරදීමේ සූදානමක් ඇති බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කැළඹීමකට ලක්ව සිටි බවද, පොලිසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ එම නගරය අවට යෙදවූ බවද දුම්මලසූරිය පොලිසිය කියයි.දුම්මලසූරිය නගරයට ආසන්න කරදාවිල පාලම යට තිබූ භාවිත කරන ලද ටී- 56 ගිනි අවිවලට යොදන කරන  හිස් පතුරොම් 500 ක් නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගැනීමත් සමඟ මෙම ප්‍රචාරය පැතිර ඇතැයි පොලිසිය කියයි.පතොරම් තොගය ඒ ආසන්නයේ පිහිටි පරණ යකඩ එකතු කරන පිරිස් විසින් කලකට පෙර රැගෙනවිත් ඇති බවට තොරතුරු ලැබූ බවත්, මේ දිනවල සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසිවකු ඒවා පාලම යටට දමන්නට ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!