“පුද්ගලයන්ට තර්ජනය කරලා මාධ්‍ය අහසුරුවන යුගයක් අද තියෙන්නේ” – මහින්ද

“පුද්ගලයන්ට තර්ජනය කරලා මාධ්‍ය අහසුරුවන යුගයක් අද තියෙන්නේ” – මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පාර්ලිමේන්තුව තුල පනත් සම්මත කර ගැනීමට කටයුතු කරමින් සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.
නන්දසේන සුරියආරච්චි විසින් රචිත දිඹුලාගල හාමුදුරුවෝ කෘතිය එළිදැක්වීමේ උත්සවයකට ඊයේ (26) පස්වරුවේ දී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“දිඹුලාගල හාමුදුරුවෝ ගැන අහපු නැති කෙනෙක් නෑ කියලයි මං විශ්වාස කරන්නේ. උන්වහන්සේ යකෙකුට වත් බය නෑ. ත්‍රස්තවාදයට විරුද්ධව නැගී හිටි හාමුදුරුවෝ කිව්වොත් නිවැරදියි කියලයි මං විශ්වාස කරන්නේ. දෙමළ ජාතියට විරුද්ධව නෙවෙයි අපි සටන් කළේ. මුස්ලිම් ජාතීන්ට විරුද්ධ වුණේ නෑ. වෙනම රටක් ඉල්ලලා ආයුධ අතට ගත්ත පිරිසක් පරාජය කිරීමක් විතාරයි අපෙන් කෙරුනේ. අවස්ථාවට නැති වෙලාවක අපි නිහඩව හිටියොත් අපිට වෙන්නේ අපේ රටත් ජාතියත් අපට නැති වෙනවා.”
මාධ්‍ය නිදහස් අපිලිබන්දව අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ “මාධ්‍ය කියනවා මාධ්‍යට හුඟාක් නිදහස තියනවා අපේ කාලේ තිබුණේ නෑ කියලා. අද පාර්ලිමේන්තුවේදීත් නම් කියලා එක එක්කනාට තර්ජනය කරනවා. ඒ වගේම ගෙන්නලා ඔවුන්ට තර්ජනය කරනවා පරුෂ වචනයෙන් බැනලා. එක මාධ්‍යට තර්ජනයක් නෙවෙයි ඒ පුද්ගලයට තර්ජනයක් කියලා තමයි අර්ථකථනය වෙන්නේ. පුද්ගලයන්ට තර්ජනය කරලා මාධ්‍ය අහසුරුවන යුගයක් අද බිහිවෙලා තියෙන්නේ.”

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!