
පුතාණෝගේ සුළඟින් කොටපොළ වෙළඳ සැලක් සුනේ සුං වෙයි
සජිත් ප්‍රේමදාස පැමිණි හෙලිකොප්ටරයේ සුළං පහරට විනාශ වූ නිවසේ වහල සහ අලාභ හානි සිදු වූ වෙළඳසැලේ නාම පුවරුව ඇතුළු වහල නැවත යථා යථා තත්ත්වයට පත් කර දෙන බව ගුවන් හමුදාව පවසයි . ඉකුත් (07) වන දින දෙනියාය මොරවක ජන රැලියට පැමිණි හෙලිකොප්ටර් යානය කොටපොළ ජාතික පාසල් ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීමේදී එහි සුළං තත්ත්වයෙන් අලාභ හානි වූ නිවසකට වෙළඳසැලකට ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා කටයුතු සිදු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පෙරේදා (09) පැවසීය .
(Visited 166 times)