පුතාට පියාගෙන් පිහියෙන් මරු පහරක්

Spread the love
  •  
  •  
  •  
  •  

නාගොඩ, රුක්අත්තනගොඩ, වාඩුවැලිවිට ප්‍රදේශයේදී පියෙකු විසින් සිය පුත්‍රයා පිහියෙන්   ඝාතනය කර තිබේ.

ඊයේ(21) රාත්‍රි 08.00 ට පමණ තියුණු ආයුධයකින් පහරදි මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිය පියා සමඟ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම ඝාතනයට හේතු වී ඇති බව සඳහන් වෙයි.

සිද්ධියට අදාළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු අත්ඩංගුවට ගැනීම සඳහා නාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!