“පුජිත දේශකයෙක් නොවී පොලිස්පති විය යුතුයි” – සුසිල්

“පුජිත දේශකයෙක් නොවී පොලිස්පති විය යුතුයි” – සුසිල්

Spread the love
  •  
  •  
  •  
  •  

පොලිස්පති පුජිත් ජයසුන්දර දේශන පැවැත්වීම හා වෙනත් කටයුතු වල යෙදීම නතර කොට ඔහුට පැවරී ඇති රාජකාරිය නිසි ලෙස ඉටුකළ යුතු බව ආමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
අද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පොලිස්පතිවරයා විවේචනය කරමින් මේ බව පැවසීය.
තමන් එදා ප්‍රකාශ කළ පරිදිම අදත් ප්‍රකාශ කරන්නේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ටශය නිත්‍යානුකුල ආයතනයක් නොවන බව යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෑතක් වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතය වුයේද පොලිස් මුල්‍ය අපරාද කොට්ටශය නිත්‍යානුකුල ආයතනයක් නොවන බව මෙම අවස්ථාවට එක්ව සිටි ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාද පෙන්වාදුන්නේය. නමුත් දැන් මහේස්ත්‍රාත්වරියක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ටශය නිත්‍යානුකුල ආයතනයක් බවට තීන්දුවක් දී ඇති බව ඔහු පැවසීය.
‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ තවදුරටත් දුෂිත රටක් බවට පත්වී ඇති බව පෙන්වාදුන් විට ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හඬ නගන්නේ එම තත්වය වලක්වා ගැනීම සඳහා බවය,

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!