“අප අද ජිවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ අදුරුතම යුගයේ ” – ගම්මන්පිල

Spread the love
  •  
  •  
  •  
  •  

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.”අද අපි සුපුරුදු සුදු ඇඳුම වෙනුවට කළු ඇඳුමෙන් මේ මාධ්‍ය හමුවට ආවේ ජාතියේ අඳුරුතම යුගය ආරම්භ වී වසරක් පිරෙනවා කියන පණිවිඩය ජාතියට ලබාදෙන්නයි. අපි පසුගිය වසර දෙස හැරිල බලද්දි ජනපති තුමන් දිවුරුම්දීල පලවෙනි විනාඩි දෙක තුලම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කලා. මේ ලෝක ඉතිහාසයේ කිසිම රාජ්‍ය නායකයෙක් දිව්රුම් දීල පලමු විනාඩි දෙක ඇතුලත ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා අපිට වාර්ථා වෙලා නෑ. ඒ ගිනස් වාර්ථාවේ හිමි කරුවා අපේ ජනපතිතුමනුයි. එතුමන් ව්‍යවස්ථා විරෝධී අන්දමට රටේ අගමැතිවරයා සිටියදී අගමැති ධූරයේ පුරප්පාඩුවක් නොතිබියදී අගමැති ධූරය සදහා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව පත්කලා. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව අගවිනිසුරුවරයා ඉවත්කළා. ඒ වගේම හිට්ලර්ගේ ගෙස්ටාපෝ වැනි පොලිස් ඒකකයක් පිහිටුවලා දේශපාළන විරුද්ධවාදීන් මර්දනය පටන් ගත්තා.

දකුණු ආසියාවේ දැවැන්තම වංචාව වන මහ බැංකු බැදුම්කර වංචාව සිදුවුනෙත් මේ ආණ්ඩුව යටතේ. මහ බැංකුවේ වංචාවක් සිදුවුණු බවට ජනපතිතුමන් රාජිත සේනාරත්න මැතිතුමන් පා.ච. රණවක මැතිතුමන් පිළිඅරගෙන තිබෙනවා. එහි ප්‍රතිථලයක් විදිහට කොටස් වෙළද පොල පහුගිය වසරේ 5.5% කඩා වැටිල තියෙනව. ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 133 සිට 146 දක්වා වැඩිවෙලා රුපියල බාල්දුවෙලා තියෙනවා.

මේ ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කල බටහිර බලවතුන්ගේ ආයතනයක් වන ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා 7% බලාපොරොත්තු වුන ආර්ථීක වර්ධනය 5% දක්වා ඇද වැටී තිබෙනවා.

අනිත් පැත්තෙන් නීතියේ ආදිපත්‍යය බිද වැටිල තියෙනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරද්දි අද මන්ත්‍රීවරුන් නීතිය අතට අරගෙන තියෙනවා. නීතියට ගරුකිරීම ක්‍රමයෙන් සමාජයෙන් ඉවත්වයාම නිසා පසුගිය වර්ෂයේ 2014ට සාපේක්ෂව රිය අනතුරු පමනක් 30% කින් වැඩිවෙලා තියෙනවා. මිනීමැරුම් වැඩිවෙලා තියෙනව. ලස්සනට තිබුනු කොළඹ නගරය අපායක් බවට පත්වෙලා තියෙනවා. පාතලය යලි හිස ඔසවමින් තියෙනවා. මේ සියල්ල එකට කැටිවී අපිට කියන්නේ අප අද ජීවත්වන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ අදුරුතම යුගයේ කියායි”.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!