
පියා මැරුණු ධනංජය තීරණයක් ගනී…..
Spread the love
11 - 11Shares
සිය පියාගේ අභාවය හේතුවෙන් ක්රිකට් ක්රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් චාරිකාවෙන් ද ඉවත් වී තිබෙනවා.රත්මලාන – ඥානේන්ද්ර පාර ප්රදේශයේදී ඊයේ (24) රාත්රී සිදුවූ වෙඩි තැබීමකින් ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක ධනංජය ද සිල්වාගේ පියා අභාවප්රාප්ත වී තිබෙනවා. ඊයේ රාත්රී 8.30 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 3 දෙනෙකු තුවාල ලැබුවා.ඒ අතර සිටි ක්රිකට් ක්රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල – ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික මන්ත්රී කේ. රංජන් ද සිල්වා යන අය මියගිය බවයි පොලීසිය සඳහන් කළේය.රත්මලාන – වෙරළ පාරේ පදිංචි ඔහු මියයන විට 62 වන වියේ පසුවුණා.
(Visited 83 times)