“පියසේන මචං දැන් උඹට සතුටුද?”-ගීතා(වීඩියෝ)

“පියසේන මචං දැන් උඹට සතුටුද?”-ගීතා(වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

තමා පාර්ලිමේන්තුවට ගියද නිදහසේ මසක්වත් ජනතාවට සේවය කිරීමට අවස්ථාව නොදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පැවසීය.ඇය මේ බව පැවසුවේ අද (05) බෙන්තර ප්‍රදේහයේ පැවති රැස්වීමක් අමතමිනි.එහිදි ඇය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.’67 ලක්ෂයක් අරන් පාර්ලිමෙන්තුවට ගිහිල්ලා මට මාසයක් නිදහසේ වැඩ කරන්න දුන්නේ නෑ මේ කාලකන්නි.පුරවැසිභාවයක් තියනවා කියලා මට නඩු දැම්මා.වැඩි දවසක් හිටියේ උසාවි වල.මම කවදාවත් උසාවි වල හිටිය ගෑනියක් නෙමෙයි.මම මේ පාර ඒ තීරණේ ගත්තා.ස්විස්ටර්ලන්ත පුරවැසික‍ම තුට්ටුවට දාලා පයින් ගහලා තමුන්නාසේලා වෙනුවෙන් මම එය අත්හැරියා කියන එක ආඩම්බරෙන් කියනවා.දැන් මම අහනවා..පියසේන මචං දැන් උඹට සතුටුද?දැන් සතුටෙන් නින්ද යනවද?ඡන්දෙකට එන්න මචං. මං ඡන්දෙකදි ඒක පෙන්නනවා.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!