“පියසිරි  කියන්නෙ මහ මෝඩ මිනිහෙක්..”- බෙංගමුවේ නාලක හිමි (VIDEO)

“පියසිරි කියන්නෙ මහ මෝඩ මිනිහෙක්..”- බෙංගමුවේ නාලක හිමි (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

‘මූට බෝම්බ ගහන්න ඔ්න. මූට වෙඩි තියන්න ඔ්න’ ආදී ප‍්‍රකාශ ඔ්නෑ තරම් කියන බව ජාතික සංවිධාන එකමුතුවේ සම සංවිධායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පවසති.නව ව්‍යවස්ථාව 2/3කින් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන් වහන්සේ මෙම අදහස් පල කලේය.‘එතුමගේ පක්‍ෂයේ අයත් අද ඒකට විරුද්ද වෙලා ඉන්නවනේ. මොඩ මිනිස්සු. පියසිරි විජේනායක කියන්නෙ මහ මෝඩ මිනිහෙක්’ සිංහල භාෂාවේ වචන ඔස්සේ නොදුවා එයින් දැක්වෙන අදහස සැලකිල්ලට ලක් කල යුතු බවද උන් වහන්සේ කියා සිටිති. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!