“පැහැදිලි චෝදනා නෑ… සාධාරණයක් ඉටුවෙයි කියා බලාපොරොත්තු වෙනවා…” – මහින්ද මැතිඳුන්

“පැහැදිලි චෝදනා නෑ… සාධාරණයක් ඉටුවෙයි කියා බලාපොරොත්තු වෙනවා…” – මහින්ද මැතිඳුන්

Spread the love
  •  
  •  
  •  
  •  

පැහැදිලි චෝදනාවන් ඉදිරිපත් නොකර අත්අඩංගුවටගත් තම පුතු ඇතුළු පිරිස සම්බන්ධයෙන් අධිකරණයෙන් සාධාරණයක් ඉටුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කඩුවෙල අධිකරණ භූමියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වැරදි සිදුකර ඇත්නම් දඞුවම් දිය යුතු වුව ද අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ අරමුණින් හඳුන්වාදී තිබු මූල්‍ය පනතක් සම්බන්ධයෙන් බවයි.
මේ අතර යහපාලනය වෙනුවට රට තුළ ක්‍රියාත්මක වන්නේ නීතියක් විනයක් නොමැති ඒකාධිපති පාලනයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් කර සාමය දිනාදුන් නායකයාගේ දරුවන් අත්අඩංගුවට ගෙන පළිගැනීම් සිදුකිරීම මෙරට ජනතාව කිසිසේත් අනුමත නොකරන බවයි.
කඩුවෙල අධිකරණ භූමියේ දී ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!