මාස 8ක ගැබිණි මවක් සමග පැරීසියේ උමං දුම්රිය ස්ථානවල රැය ගෙවන ලාංකික දරු පවුලක්…

මාස 8ක ගැබිණි මවක් සමග පැරීසියේ උමං දුම්රිය ස්ථානවල රැය ගෙවන ලාංකික දරු පවුලක්…

Spread the love
  • 71
  •  
  •  
  •  
    71
    Shares

මාස 8ක ගැබිණි මවක් සමග පැරීසියේ උමං දුම්රිය ස්ථානවල රැය ගෙවන ලාංකික දරු පවුලක් අප වෙත ඒවා ඇති ලිපියක් කිසිඳු සංස්කරණයකින් තොරව පහතින් පල කරන්නෙමු. ඔවුන්ගේ නම් එම ලිපියේ සඳහන් වුවත් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා අප විසින් නම් කපා හැරියද, මොවුන්ට සාධාරණයක් ඉටුකර දීමට හැකි බලධාරීන්ට එම නම් ලබා දිය හැක.

මෙම දරු පවුලට අත්වී ඇති කනගාටුදායක ඉරණමින් මුදවා ගැනීමට ආධාර උපකාර කිරීමට ලාංකික බලධාරීන්ගේ අවධානය යොමු කල යුතු බවට මැදපෙරදිග අඩවියේ අප අවධාරණය කර සිටිමු.

———————————————————————
25/10/2019
කතෘ
මැදපෙරදිග.කොම්

මහත්මයාණෙනි,

(පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් කපා හරින ලදී) වන අප 2018 වසරේ නොවැම්බර් මසදී ඉදිරි මාස 3 ක් ඇතුලත කටාර් රටේ රැකියා ලබාදෙන බව පවසමින් අපෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ජාතික හැඳුනුම්පත් අංක 761711679v දරන A.D.R.Shiham නැමැති පුද්ගලයා විසින් ලබා ගන්නා ලදී.පසුව ඹහු විසින් අදාල මාස කිහිපය අවසානයේ අපහට බොරු කියමින් තව තවත් කල් ඉල්ලන ලදී. පසුව අප ඹහුගෙන් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර පසුව ඔහු එය ලබාදීම කල් අරිමින් සිටියේය. පසුව අප විසින් ප්‍රංස රටට පිටත්වීම සදහා මුදල් ඉල්ලා සිටි අතර එවිට ඔහු කියා සිටියේ අප එම රටට යන ලෙසත් මාගේ බැංකු ගිණුමට මෙම මුදල් තැන්පත් කරන බවයි. පසුව අප ඹහුගේ වචනය විශ්වාස කර 2019 ඔක්තෝබර් මස 13 දින ප්‍රංශ රටට පිටත් විය. අවසානයේ ඔහු අපිට මුදල් දීම මගහරිමින් අපගේ දුරකථන අංකයන් පවා block කරන ලදී. එතැන් පටන් මේ වන විටත් මාගේ මාස 8ක් වයසැති ගැබ්බර බිරිඳ ද සමග අප හට කර කියා ගන්නට නොහැකිව පැරීසියේ දුම්රිය ස්ථාන වල නිදා ගැනීමට සිදුවිය.තවද ඇයට දරුවා ලැබීමට ආසන්න මොහොතක ලාංකික පුරවැසියන්ගේ ගෙවල් වලද අප හට සමහර අවස්ථාවලදී නවාතැන් ලැබුනි. දැන් මේ වන විටත් අප සිටින්නේ දුම්රිය ස්ථානයකය.එම නිසා අප ඹබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ අප මේ මුහුණ දී සිටින බරපතල තත්වයෙන්
මිදීමට අපහට උපකාර කරන ලෙසයි.තවද අපගේ මුදල් ආපසු ලබා ගැනීමට උදව් කරන ලෙසයි.

මෙයට
(පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් කපා හරින ලදී)

“හමුදාවට, පොලිසියට, 4 තට්ටුවට මම බය නෑ … පුළුවන් දෙයක් කරපල්ලා….” මුදල් නොදෙන බවට තර්ජනය කරන “ෂිහාම් ” නානා (සන්හින්දියාවට බාධා නොවෙත්වා…..) (AUDIO)

මුදල් නොදෙන බවට තර්ජනය කරන “ෂිහාම් ” නානා (සන්හින්දියාවට බාධා නොවෙත්වා…..)

මෙම ඉරණම අත්කරදුන් අය යයි පවසන පුද්ගලයාගේ චායාරුපය පහතින්:
මුදල් ලබා ගත් බවට “ෂිහාම් ” නානා දුන් පොරොන්දු ලිපිය
(Visited 548 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!