පැරිස් නුවරට එල්ලවූ ඉස්ලාම් ත්‍රස්තයන්ගේ ප්‍රහාරයෙන් දැනට 12 දෙනෙක් මිය ගිහින්

Spread the love
  •  
  •  
  •  
  •  

ප්‍රංශයට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේ. මේ ප්‍රහාරයෙන් දොළොස් දෙනකු මරණයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. ප්‍රංශයේ පැරිස් නුවරට මේ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී තිබේ.
මියගිය පිරිසට අමතරව විශාල පිරිසක් තුවාල ලබා ඇත. මේ ප්‍රහාරයත් සමග මුළු යුරෝපයම තැතිගෙන තිබේ. පැරිස් නුවර පළවන ප්‍රධාන සඟරාවක කාර්යාලයට ඇතුළු වූ ත්‍රස්තයන් දිගින් දිගටම වෙඩි තැබීම් කර ඇති අතර ඝාතනයට ලක් වූ පිරිසෙහි පොලිස් නිළධාරීන් තිදෙනකු ද සිටින බව වාර්තා වේ.
කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන මේ ත්‍රස්තයන් පැමිණ තිබේ. අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් කීපයක් මේ සඳහා සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ද වාර්තා වේ. මේ ප්‍රහාරයත් සමඟ ප්‍රංශයේ සියලු මාධ්‍ය ආයතනයන්හි ආරක්ෂාව ද තරකර තිබේ. [sexypoll id=”9″]

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!